අද පෝය දවස නිසා මට හිතුණා ටිකක් වෙනස් දෙයක් ගැන කතා කරන්නෝන කියලා. මේ බණ කතාවක්මත් නෙවෙයි, ඒත් ඉගෙන ගන්න දේවල් තියෙනවා කියලා හිතුණ නිසා කියන්න හිතුණා. හැමෝම දන්නවනේ ලංකාවේ බිහිවුණු ශ්‍රේෂ්ඨ නරපතියෙක් වුණ දුටුගැමුණු රජතුමා. එතුමාගේ පියා තමයි කාවන්තිස්ස රජතුමා. මෑණියන් තමයි වීර කාන්තාවක් වෙන විහාර මහා දේවිය. ඇගේ පියා තමයි කැළණිතිස්ස රජතුමා. ඔය කැළණිතිස්ස රාජ පරම්පරාවට අයිති කතාවක් තමයි මේ කියන්න යන්නේ.
කැළණිතිස්ස රජතුමා, රහතන් වහන්සේ නමක් ව උණුතෙල් කටාරමක දාපු කතාව හැමෝම දන්නවනේ, ඒත් උන්වහන්සේ ට එහෙන විපාකයක් විඳින්න වුනේ ඇයි කියන එක ගැන නම් ගොඩක් අය දන්නේ නැතුව ඇති නේද? ඒ ගැන කියන්නයි මේ ලෑස්තිය. ම්ම්ම්...ඒත් ඊට කලින් මම අර කතාවත් කියලා ඉන්නම්කෝ. කැළණිතිස්ස රජතුමාට හිටියා සහෝදරයෙක් උත්තිය කියලා. මේ කුමාරයා අග බිසවත් එක්ක, ඒ කියන්නේ කැළණිතිස්ස රජතුමාගේ මෙහෙසියත් එක්ක අයථා සම්බන්ධයක් ඇති කරගෙන තිබුණා. කාලයක් රහසක් වෙලා තිබුණ මේ ආරංචිය කැළණිතිස්ස රජතුමාගේ කණට වටෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. මේකේ ප්‍රතිඵලය වුනේ උත්තිය කුමාරයා සිරභාරයට ගන්න කියලා රාජ නියෝගයක් නිකුත් වුන එක. ඒ බව ආරංචි වුන උත්තිය කුමාරයා හොරෙන් ම පැනලා ගිහින් හැංගුණා. කොහොම උනත් මේ තනිකම උත්තිය කුමාරයාට ඉවසන්න අමාරු උණා. ඒ නිසා ම කුමාරයා තීරණය කලා තමන්ගේ ප්‍රේමවන්තියට තමන්ගේ දුක කියලා හසුනක් යවන්න. මේ දූත කාර්යය බාර වුන තරුණයා කලේ රජ මැදුරේ දානයක් තියෙන දවසක් බලලා මහණ වෙස් අරන් රජ මාළිගයට ගිය එක. භික්ෂූන් වහන්සේලා එක්කම දානේ එහෙම වළඳලා භික්ෂු පිරිස පසුපසින් එළියට ගමන් කරනවා. රාජ මෙහෙසිය බලාගෙන හිටිය වෙලාවක් බලලා අර උත්තිය කුමාරයාගේ හසුන ලිව්ව තල්පත බිමට දැම්මා දේවියට පෙනෙන්න. දේවිය මේ තල්පත අතට ගන්නවා රජතුමා දැක්කා. රජතුමා මේ තල්පත පරීක්ෂා කරලා බලද්දි අර සඟ පිරිසේ හිටිය රහතන් වහන්සේ නමකගේ අත් අකුරුත් මේ අත් අකුරුත් එක හා සමානයි ලු. ඒ නිසා මේ රහතන් වහන්සේ හා රජ මෙහෙසිය අතර සම්බන්ධයක් තියෙනවා කියලා නිගමනය කළ කැළණිතිස්ස රජතුමා, අර රහතන් වහන්සේ ව උණු තෙල් කටාරමක බහා මරණයට පත් කරන්න නියෝග කලා.
මේ කතාව මහාවංශය, රාජාවලිය, රසවාහිනිය වගේ සාහිත්‍ය මුලාශ්‍ර වල ජනප්‍රිය කතාවක්. දැන් කියන්නම්කෝ අර රහතන් වහන්සේ ට උණු තෙල් කටාරමක පිරිනිවන් පාන්න වුනේ ඇයි කියලා. උන්වහන්සේ පෙර ආත්මයක ගොපල්ලෙක් වෙලා ඉපදිලා ඉද්දි හිතාමතා ම මැස්සෙක් ව කිරි මුට්ටියක දාලා උණු කිරීමේ විපාක විදියට තමයි එහෙම වෙලා තියෙන්නේ. ඒ බව පුබ්බේ නිවාසානුස්සති ඤාණය උපදවා ගෙන හිටිය රහතන් වහන්සේට සිහි කරගන්න පුළුවන් වුනා කියලා තමයි සඳහන් වෙනවා. ඒ වගේම උන් වහන්සේ පැහෙන තෙල් කටාරමේ වැඩ ඉද්දි ම ගාථා සීයක් දේශනා කරලා කරලා තියෙනවා ථේර කටාහ ගාථා නමින් මිනිස්සුන්ට අවවාද විදියට.....
අපි නොසැලකිල්ලෙන් කරන පුංචි පුංචි වැරදි ගොඩක් එකතු වුනා ම ලොකු වැරද්දක් බවට පත් වෙනවා කියලා දැනෙන්නෑ අපි කාටවත් ම....එහෙම නේද? ඒ වගේ ම කර්ම විපාක දෙන හැටිත් පුදුම සහගතයි නේද? සාමාන්‍ය මිනිස් මනසකට ඒක තේරුම් ගන්න බැරි, අචින්ත්‍ය දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළෙත් ඒනිසා වෙන්න ඇති!
කැළණිතිස්ස රජතුමා රහතන් වහන්සේ නමක්ව උණු තෙල් කටාරමක බහලා මරණයට පත් කරා කියලා අහල තිබ්බත් සම්පූර්ණ කතාව දැනගත්තෙ දැන්.මේ ධර්මදානයට ඔයාට බොහොම පිං ලහිරු
ReplyDeleteබොහොම ස්තූතියි ඇවිත් ගියාටත්!
Deleteහම්ම්.. මාත් ඔන්න කියෙව්වා.. ස්තූතියි යාලුවා
ReplyDeleteකාලෙකින් කියෙව්වෙ. මාත් අදයි මේ කතාව නම් දැන ගත්තෙ ලහිරු පුතා.
ReplyDeleteඔව්, සෑහෙන කාලෙකින් පෝස්ට් එකක් දැම්මෙත්...
Deleteමේ කතාවනම් අහලා තිබුනා ලහිරු අයියේ.. ඊට පස්සේ ඉතින් ගොඩක් වැදගත් සිදුවීම් උනානේ..
ReplyDeleteඒවා දැනගන්න නම් සයුරි අක්කගෙන් ම අහන්න වෙනවා... :)
Deleteඕන් මමනම් මේ කතාව කලින් දන්නවා. හොඳ ළමයෙක් මන් :)
ReplyDeleteහී හී... අපි දන්නවා අපි දන්නවා!
Deleteමං මේ කතාව එහෙං මෙහෙං අහලා තිබුනට අද තමා අග මුල ගලප ගත්තේ... !!
ReplyDeleteඒකනේ...
Deleteඅඩේ උඹට මොකෝ උනේ මෝල්ගස් පාරක් ඔළුවට වැදුනයි.. මේ පැත්ත මතක් වෙන්න...
ReplyDeleteබ්ලොගෙ බැරිවෙලාවත් අයින් කරලවත් දැම්මොත් කියලා හිතුණා හදිස්සියේම...
Deleteහ්ම්ම්.තමන් කරන දේවල්වලට කොහෙදිහරි කොහොමහරි විපාකේ හම්බෙනවා ඉතින් ...
ReplyDeleteඅහසේ වත් මුහුදෙවත් ගල්ගුහාවකවත් හැංගිලා කර්ම විපාක වලින් බේරෙන්න බැහැ සහෝ... එකඟයි!
Deleteඋන්වහන්සේව තෙල් කටාරමේ දැම්මේ පෙර ආත්මෙක මැස්සෙක්ට කරපු දෙයක් නිසා කියලනම් දැනගත්තෙ අද..
ReplyDeleteස්තුතියි
කවුද කැළණිතිස්ස රජතුමාගේ බිසව? නම මොකක්ද? විහාරමහා දේවියගේ මවගේ නම මොකක් ද?
ReplyDelete