වෙලාවට වැඩ කරන්න ඕන අයට විතරයි....




මේ මාතෘකාව මම කතා කරන්නේ වැරදි රටකද මන්දා...මොකද අපේ රටේ ගොඩක් දෙනෙකුට වෙලාවට වැඩ කරනවා කියන 1 ලොකු විහිලුවක් නිසා. ඒ වගේ අය තමන්ගේ කාලෙත් නාස්ති කරගෙන අනුන්ගේ කාලයත් විනාශ කරනවා. කොහොම උනත් මේ නිසා තමන්ට වගේම රටට වෙන හානිය නම් අති විශාලයි. මේ කාලය මිනිස් පැය වලින් ගණනය කරලා බැලුවොත් ඒක හොදටම දැනේවි නාස්තිය කොයිතරම් ද කියලා. මේ ගැන කාට හරි හොද අත්දැකීමක් ලබන්න ඕනම නම් නිකමට හරි රජයේ කර්යාලයකට ගොඩවැදිලා බලන්නකෝ සිද්ධ වෙන ප්‍රමාදය කොයිතරම්ද කියලා.
මේ දේවල් කොහොම උනත් තව ටිකෙන් කියන්න ආව දේ අමතක වෙනවා. ගොඩක් දෙනෙකුට කාලය සම්බන්ධයෙන් තියෙන ලොකු ගැටලුවක් තමයි අමතක වීම කියලා කියන්නේ. අමතක වීම නිසා වෙලාවට කරන්න තිබුන වැඩ බොහොමයක් අතපසු වෙලා ලොකු ලොකු පාඩු එහෙමත් වෙලා ඇතිනේ නේද? ඒකට තමයි කාල කළමණාකරනය කියලා දෙයක් තියෙන්නේ. අපි පොඩි කාලේදි නම් අම්මා අපිට කාලසටහනක් හදලා දෙනවා පිළිවෙලකට වෙලාවට වැඩ කරන්නේ මෙහෙමයි කියලා. අපි පොඩිම කාලේදි අම්මා අපිට නොදැනීම කියලා දීලා තියෙන්නෙත් ඒ ගැන තමයි. ඒත් ඉතින් ලොකු උනාම අපිට එහෙම කරලා දෙන්නේ කවුද නේද? අනිත් එක අපිට ඕවා හද හදා ඉන්න වෙලාවකුත් නෑනේ නේද?
කෝටියක් වැඩ අස්සේ ඉන්න අපිට හිතන්නකෝ කවුරුහරි කෙනෙක් අද හරි හෙට හරි තියෙන event 1ක් ගැන නොමිලේම කෙටි පණිවිඩයක්(SMS) එකක් එවලා මතක් කරලා දෙනවානම් කොහොමද කියලා!! ෂාහ්....අද කාලේ කියලා වත් කරගන්න බැරි උදව්වක් නේද? ඔන්න ඉතින් ඒ වැඩේ අපි වෙනුවෙන් Google සමාගම භාර අරන්...මේ application 1 නම් ටිකක් පරණ 1ක්, නමුත් මම හිතන්නේ ගොඩක් දෙනෙක් දන්නේ නැති දෙයක් මේක. දන්න අයත් පාවිච්චි කරනවා අඩුයි. මේකයි වැඩේ. Google Calender.
අපි හැමෝටම Google Accounts තියෙනවනේ නේද? නැත්නම් මෙතැනින් ගිහින් හදාගන්න. ඊටපස්සෙ ඔයාගේ Gmail account 1 ට log වෙන්න. ඒකේ වම් පැත්තේ උඩම කෙළවරේ තියෙනවා Calender කියලා tab1 ක්. ඒක open කරගන්න. එතකොට වෙනමම Calender කියලා page1 ක් load වෙයි. පහත රූපය බලන්නකෝ.


ඒකේ ඔයාලට ඕන දවසේ වෙලාවේ ඔයාගේ තියෙන event 1 දෙන්න. වැඩේ තව ඉවර නෑ.



වම් පැත්තේ තියෙනවා නේද settings, ඒක click කරන්න. එතකොට එන Page 1කෙ Mobile setup ගිහින් ඔයාගේ ජoගම දුරකථන අoකය දෙන්න(හැබැයි මම දන්න විදියට නම් Mobitel විතරයි නොමිලේ මේ පහසුකම දෙන්නේ ). එතකොට ඔයාට කෙටි පණිවිඩයක් ලැබේවි රහස් කේතයක් සදහන් කරලා. ඒ එන කේතය පහලින් රහස් කේතය අහන තැනට දෙන්න. Save කරන්න. දැන් General tab 1ට යන්න, ඒකෙත් පොඩි පොඩි settings ටිකක් තියෙනව හදන්න. මම හිතන්නේ ඒවා ඔයාලට හදාගන්න පුලුවන්. ඒවත් හදලා Save කරන්න. දැන් වැඩේ හරි.
දැන් ඉතින් ඔක්කොම හරිනේ, කෙටි පණිවිඩය වෙලාවට ඇවිත් ඔයාට ඕන දේවල් මතක් කරලා දෙයි. SMS ගැන Alert 1k ඉන්න. මොනාහරි ප්‍රශ්නයක් තියෙනවනම් comment 1ක් දාන්නකෝ. එහෙනම් මම යනවා, උදාවෙන ඉoග්‍රිසි අලුත් අවුරුද්ද හැම බාධාවක්ම ජයගෙන ඉදිරියටම යන සුබ නව වසරක් වේවා කියල මම ප්‍රාර්ථනා කරනවා, හැබැයි එහෙම ප්‍රර්ථනා කළාට විතරක් නම් මදි, ඒක එහෙම වෙන විදියට වැඩත් කරන්නෝන. එතකොට හැමදේම සාර්ථක වේවි......

4 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

PHP තවදුරටත්...3


මම කලින් post 1න් පොරොන්දු වුනානේ Variables define කරන විදිය කියනවා කියලා. ඒ ලිපිය බැලුවෙ නැත්නම් මෙතැනින් ගන්න. අනිත් languages වල වගේම තමයි PHP වලදිත්.

1. Variable name 1 අනිවාර්යෙන්ම අකුරකින් හෝ '_' ලකුණෙන් ආරම්භ කළ යුතුයි.
2. Variable name 1 අනිවාර්යෙන්ම අකුරු, ඉලක්කම් සහ සළකුනු (Symbols) වලින් යුක්ත විය යුතුයි.(A-Z, a-z, 0-9, !-? )
3. Variable name 1 හි space නොතිබිය යුතුයි. ඒ සදහා '_' පාවිච්චි කළ යුතුයි ($my_string). නැතිනම් Capital අකුරු භාවිතා කළ යුතුයි ($myString).

$my_string= true/false; // boolean
$my_string= 10; // decimal
$my_string= 1.45; // floating point

The Connection Operator

PHP වල භාවිතා වෙන string Operator 1 තමයි Concatenation operator 1(.). ඒක භාවිත වෙන්නේ Variables 2ක් එකට එකතු කරන්නයි. ඒ සදහා (.) operator 1 යි පාවිච්චි වෙන්නේ. පහත උදාහරණය බලන්න, එතකොත හොදට තේරේවි.



මේ තමයි output1.



මේ ගැන මොනාහරි ප්‍රශ්නයක් තියෙනවනම් comment 1k දාන්නකෝ. එහෙනම් ඊළග blog සටහනෙන් හමුවෙමු.






0 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

හැමදාම අලුත් එකක් .....??


හැමදාම අලුත් සොෆ්ට්වෙයාර් එකක් ගන්න කැමතිද?මෙතැනින් ගිහින් බලන්න, මේ සයිට් එකෙන් හැමදාම අලුත්1ක් නිකම් දෙනවා,හැම පැය 24කට සැරයක්ම අලුත් 1ක් ඔයාලට බාගත කරගන්න පුලුවන් නොමිලේම. රෙජිස්ටර් වෙන්න වත් සයින් අප් වෙන්නෙත් නැතුව බාගන්න පුලුවන්.හැබැයි ඒ පැය 24 ඇතුලත බාගන්න ඕන,ඊට පස්සේ ඒ සොෆ්ට්වෙයාර් 1 බාගත කරන්න දෙන්නේ නෑ. අනිවාර්යෙන්ම ඒ බාගත කරන සොෆ්ට්වෙයාර්1 ඒ පැය 24 ඇතුලතම ඉන්ස්ටෝල් කරන්නත් ඕනේ. නැත්නම් වැඩ කරන1ක් නෑ.


වැඩි කතා ඕනේ නෑ,ගිහින්ම බලන්නකෝ. පුලුවන්නම් මේ ගැන කොමෙන්‍ටුවක් දාල ම යන්න.

6 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

PHP තවදුරටත්...2


ඔන්න අද තමයි සින්ඩියෙන් ලියමනක් ආවේ මගේ බ්ලොග් එකත් ඇතුලත් කරගත්තා කියලා.මම මාසයක් විතර බලන් හිටියා අද දවස එනකල්. ගොඩක් සතුටුයි පරක්කු වෙලා හරි ලියමන ආව1 ගැන.කොහොමහරි අපේ පාඩමත් ටිකක් විතර පරක්කු වුනා වැඩ ටිකක් වැඩිවුන නිසා. ඔයාලා කලින් ලිපි බැලුවෙ නැත්තම් මෙතැනින් බලන්න.
අපි කලින් output1k ගන්න පාවිච්චි කලේ echo කියන function1 නේ. ඒ වෙනුවට අපිට print කියන function1 ත් පාවිච්චි කරන්න පුලුවන්. ඒ වගේම comments වලට // සහ /*........*/ පාවිච්චි කරන ආකාරය හරිම පහසුයි.පහත code1 බලන්නකෝ.


මේ තමයි output1.


Variables define කරන හැටි ඊලග සටහනෙන් ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. මේ ගැන මොනාහරි ගැටලුවක් තියෙනවනම් comment1k දාන්නකෝ. ඊලග සටහනෙන් හමුවෙමු එහෙනම්.



4 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

PHP තවදුරටත්...


දැන් ඉතින් PHP ගැන ගොඩක් දේවල් කතා කලානේ.කලින් සටහන් බැලුවෙ නැත්නම් මෙතනින් යන්න. දැන් කතා කලා ඇති වගේ නේද? ඔන්න එහෙනම් අපි වැඩේට බහිමුකෝ හා හා පුරා කියලා...මම හිතන විදියට දැන් ඔයාලා PHP වගේම Wamp server1 ත් බාගත කරගෙන ඇති. codes ලියන්න PHP පාවිච්චි කරන්න පුලුවන්, මම නම් ඒකට පාවිච්චි කරන්නේ DreamViewer කියන software1. ඒක language ගොඩක codes execute කරන්න support කරනවා. ඒ කොහොම උනත් සරලවම හිතුවොත් Notepad 1 වුනත් PHP වලට support කරනවා.

මේ පටන් ගන්න හදන්නේ අපේ පලමුවෙනි PHP code1 ලියන්නයි.



මේ තමයි code1. Wamp server1 open කරලා ඒකෙ තියෙන wampmanager.exe file1 execute කරන්න. දැන් ඔයාලගෙ system Tray1k සුදු පාට අඩ කවයක් වගෙ Icon 1k ඇවිත් ඇති. ඒකෙ start all sevices click කරන්න. ඊටපස්සෙ ඒකෙ උඩම ඇති Localhost කියල 1ක්. ඒකත් click කරන්න. එතකොට එයි මේ වගේ screen1k.

දැන් මේක save කරන්න ඕන. Wamp server1 open කරන්න. ඒකෙ ඇති www කියලා Folder1k. ඒක ඇතුලේ New Folder එකක් හදලා ඒකට save කරන්න. ඒ සදහා file extention1 විදියට .php කියලා දෙන්න. දැන් open වුන web browser1k Address bar 1k http://localhost/Your_folder_name/Your_file_name.php කිඅලා type කරලා Enter කරන්න. එතකොට මේ වගේ screen1k එයි.


දැන් ඒ link එක click කරන්න. මේ අපේ පලමු PHP program1...


මේ ගැන ඔයාලට මොනාහරි ගැටලු තියෙනවනම් Comment1ක් දාන්න. මම දන්න විදියට කියන්නම්. ඊලග පාඩමෙන් හමුවෙමු එහෙනම්...

2 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !