බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිය කාලයේදී ම කොසොල් ජනපදයට අධිපති වුණ කොසොල් රජතුමාත්, මගධාධිපති බිම්බිසාර රජතුමාගේ පුත්රයා වුණ අජාසත්ත රජතුමා ත් අතර යුද්ධයක් ඇතිවුණා. දිගින් දිගටම මේ සටන් වලින් අජාසත් රජතුමාට පරාජයට පත් වෙන්නට වුණ නෑකමින් මාමණ්ඩිය වුණ කොසොල් රජතුමාට මේක ලොකු ලැජ්ජාවක් වුණා. මේ යුද්ධය ඇතිවෙන්න හේතුව තමයි, කාලෙකට කලින් මිත්රත්වය හේතුවෙන් කොසොල් රජතුමා තමන්ගේ සොයුරියක් බිම්බිසාර රජතුමාට දායාද විදියට ගම්වරයක් එක්ක විවාහ කරලා දෙනවා. නමුත් කෲර අජාසත් රජතුමා, තමන්ගේ පියා වුන බිම්බිසාර රජතුමා ව මරා දමනවා. මේ නිසා ඊට විරුද්ධ වීමක් විදියට සොයුරියට දායාද විදියට ලබාදුන්න ගම්වරය කොසොල් රජතුමා අපහු පවරා ගන්නවා. ඒ ගම්වරය වෙනුවෙන් තමයි මේ යුද්ධය ඇතිවුණේ.
කලින් කිව්වනේ කොසොල් රජතුමා හැමදාමත් යුද්ධයෙන් පරදිනවා කියලා. ඒ නිසා දවසක් කොසොල් රජතුමා තමන්ගේ චරපුරුෂයෝ කැඳවලා, යුද්ධය ජයගැනීම පිළිබඳ රහස් ඥාණවන්ත භික්ෂූන් දන්නා බවත් නමුත් ඇහුවොත් කවදාවත් නොකියන නිසා රහසිගත ව ඒවාට සවන් දී තමන්ට වාර්තා කරන විදියට උපදෙස් දෙනවා. දවසක් උපතිස්ස සහ ධනුග්ගාහකතිස්ස කියන ස්වාමින් වහන්සේලා අතර යුද්ධය ගැන ඇතිවෙන සාකච්ඡාවක් චරපුරුෂයෙක් අහගෙන ඉන්නවා. " ඔය විදියට පහරදීලා අජාසත් රජු ව අල්ලා ගන්න බැහැ. පදුම භ්රෑහ (පද්මාකාරයෙන් යුද සෙනග පෙළ ගස්වා පහර දීම), චක්ර භ්රෑහ (චක්රාකාරයෙන් යුද සෙනඟ පෙළ ගස්වා පහර දීම), සටක භ්රෑහ (දෙපැත්තෙන් පහර දීම) කියන යුද්ධ උපක්රම තුනෙන් සටක භ්රෑහ හෙවත් අජාසත් සේනාව දෙපසින් වටකරලා ඉදිරියට එන්න ඉඩ හැරලා මුලින් පසු බැහැලා මැද්දට ආවට පස්සේ අල්ලාගත යුතුයි" කියලා ධනුග්ගාහකතිස්ස ස්වාමින් වහන්සේ පවසනවා. මේ ගැන චරපුරුෂයා රජුට දන්වනවා. ඊට පස්සේ කොසොල් රජතුමා ඒ විදියට සේනා සංවිධානය කරලා කොසොල් රජතුමා ජීවග්රහයෙන් ම අල්ලා ගන්නවා. තමන්ගේ බෑණා වූ නිසා ම අවවාද කරන ගමන් ම අජාසත් රජතුමා ට ජීවිත දානය දෙනවා වගේ ම තමන්ගේ දියණියකුත් සරණ පාවලා දෙනවා කලින් ගම්වරයත් එක්ක ම. ධනුග්ගාහකතිස්ස හාමුදුරුවන්ගේ යුධ උපදේශය ගැන උන්වහන්සේ ට චෝදනාවක් එල්ල වුණා දම්සභා මණ්ඩපයේදී. ඒ බව දැනගත්ත බුදුරජාණන් වහන්සේ, ධනුග්ගාහකතිස්ස හාමුදුරුවෝ අද විතරක් නෙවෙයි මීට පෙරත් සටන් මෙහෙයවලා ජයගත්ත බව ප්රකාශ කරලා මේ විදියට අතීත කථාව දේශනා කරනවා.

ඉස්සර කාලයේ ජීවත් වුණ ලී වඩුවෙක් දවසක් ලී කපන්න කැලෑවට ගියා ම අතරමං වුණ ඌරු පැටියෙක් දැකලා ගෙනැවිත් හදාවඩා ගන්නවා. ඌරු පැටියා වඩු මඩුවෙ ම ලොකු මහත් වෙලා වඩුවාට ලී කොට පෙරලන්න, නූල් ගහන්න වගේ වැඩ වලට උදව් කරනවා. මේ හින්ද ම ඌරු පැටියට 'වඩ්ඩකී සූකර' කියල නමකුත් පටබැඳෙනවා. ඌරු පැටියාගේ උපකාර නිසා ම වඩුවා දවසින් දවස දියුණු වෙනවා වගේ ම ඌරු පැටියත් ගොඩක් පුෂ්ටිමත් ව වැඩෙනවා. අද විතරක් නෙවෙයිනේ ඒ කාලෙත් ඉන්න ඇතිනෙ මස් වැද්දෝ හැමතැනම. ඒ නිසා ඌරා ගේ ආරක්ෂාව වෙනුවෙන් වඩුවා තීරණය කරනවා ඌ ව කැලයට නිදහස් කරන්න. මොකද කවුරුහරි මේ පුෂ්ටිමත් ඌරා ව මරාගෙන කෑවොත් තමන්ට ලොකු වේදනාවක් දැනේවි කියලා හිතුණ නිසා. ඉතින් කැලයේ තනිවුණ වඩ්ඩකී සූකර ඌරා තමන්ගේ වර්ගයා සොයාගෙන යනවා. මේ යන අතරමඟ දී ඌරු රංචුවක් හමුවෙනවා වඩ්ඩකී සූකරට.
හොඳින් පුෂ්ටිමත් ව වැඩුණු ඌරා ව දකින වැහැරී ගිය සිරුරු ඇති ඌරු රංචුව, ඌරා වටකරගන්නවා. "කැලේ මේතරම් කන්න බොන්න තියෙද්දි මේ තරම් වැහැරිලා ඉන්නේ ඇයි" කියලා වඩ්ඩකී සූකර විමසනවා. "මේ කැලේ කොයිතරම් කන්න බොන්න තිබුණත් ඒවා කෑමට තරම් හිතක් අපට නෑ. කෑවත් ඒවා ඇඟට අල්ලන්නෙ නෑ. අපේ වරිගේ එවුන් මරාගෙන කන කොටියෙක් අර ඈත පේන ගල උඩට එනවා. හැමදාමත් එකෙක් ව මරාගෙන කනවා. ඌ කොයිවෙලාවෙ එයිද කියලා බයෙන් තමයි අපි ඉන්නෙ" කියලා ඌරු රංචුව උත්තර දෙනවා. "උඹලා බය නොවී මා කියන විදියට වැඩ කරනවනම් ඔය කොටිය ව මරා දමන්න පුළුවනි" කියලා වඩ්ඩකී සූකර කිව්ව ම ඌරු රංචුව කැමති වෙනවා ඒ විදියට වැඩ කරන්න. ඌරු පැටවුන් ව මැදින් තියලා ඒ වටේ ට ඊරියන් ව තියලා ඊටත් පිටතින් පුෂ්ටිමත් ඌරනුත් ඊටත් පිටින් දළ සහිත ශක්තිමත් ඌරන් ඉන්න විදියට රංචු කැලේ තැනින් තැන රඳවනවා. කොටියා ඇවිත් පනින ගල පාමුලින් වතුර වලක් හදන වඩ්ඩකී සූකර ඒ තුළින් පැනලා යන්න පුළුවන් උමඟකුත් හදනවා. ඒ විදියට හදලා යම් විදියකින් කොටියා ආවොත්, කොටියා කරන දේ ම ඌරන්ටත් කරන්න උපදෙස් දෙනවා. ටික වෙලාකින් කොටියා ඇවිත් කැලේ දෙවනත් වෙන්න ගර්ජනා කරනවා, ඌරු රංචුවත් ඒ විදියට ම කරනවා. කොටියා ගල උඩ මූත්රා කරනවා. ඌරොත් ඒ විදියට ම කරනවා.
වෙනදා නොදැක්ක වෙනසක් දැක්ක කොටියා ආපහු හැරිලා පලායනවා තම්න්ගේ ස්වාමියා වුණ තාපසයා ළඟට. ඌරු මස් නැතිව හිස් අතින් එන කොටියා දැක්ක තාපසයා ඊට කරුණු විමසනවා. කරුණු පැහැදිලි කරන කොටියට බැණ වදින තාපසයා "ඔය වගේ ශක්තිමත් ශරීරයක් තියෙන කොටියෙක් ඌරන් ට බයවෙන්න ඇයි? වහා ම ගිහින් ඌරෙක් මරාගෙන වරෙන්" කියලා කොටියට අණ කරනවා. වහා ම ආපසු හැරුණ කොටියා ගල උඩට ගිහින් වතුර වළ ළඟ හිටිය වඩ්ඩකී සූකර මතට පනිනවා. වඩ්ඩකී සූකර සැණින් වතුර වළේ තිබුණ උමඟට ගිහින් හැංගෙනවා. වතුර වළට වැටිලා පාවෙමින් හිටිය කොටියා ළඟට ආව වඩ්ඩකී සූකර, ශක්තිමත් දළෙන් ඇනලා කොටියා ව මරලා දැම්මා. කොටියා මැරුණු බව දැක්ක ඌරු රංචුව කොටියා ව කාලා දැම්මා. අන්තිමට වඩ්ඩකී සූකර, ඌරු රංචුවෙන් අහනවා "දැන් ඉතින් උඹලට නිදහසේ ඉන්න පුළුවන් නේද කියලා?" ඒ වුනත් කණගාටුවෙන් වගේ ඌරු රැල මේ විදියට උත්තර දෙනවා. "මේ කොටියා නෙවෙයි, තව මේ විදිය කොටියන් දහයක් වුණත් පුහුණු කර එවිය හැකි තාපසයෙක් ඉන්නවා, ඒ තාපසයා ඉන්න තුරු තමන් ට නිදැල්ලේ සිටිය නොහැකි යි" කියලා. කොටියා මරලා මහත් සතුටින් හිටිය ඌරු රැල වඩ්ඩකී සූකර පෙරටු කරගෙන තාපසයා ව හොයාගෙන යනවා. ඌරන් රංචුව කඩා වදිනවා දැක්ක තාපසයා දුවගෙන ගිහින් ගහක් උඩට නැග්ගා. ගහ වටේ තියෙන මුල් ටික හාරලා කඩන්නට වඩ්ඩකී සූකර උපදෙස් දෙනවා. හැම මුලක් ම කඩලා දැම්මත් එක ම එක ලොකු මුලක් ඉතුරු වුණා. වහා ම වඩ්ඩකී සූකර පැනලා තමන්ගේ ශක්තිමත් දළෙන් ඇනලා මුල කඩලා දාලා ගහ බිමට පෙරලුවා. ඉතින් තාපසයාගේ කටු විතරයි අන්තිමට ඉතුරු වුණේ. ඔන්න ඔය විදියට තමයි ධනුග්ගාහකතිස්ස හාමුදුරුවො, වඩ්ඩකී සූකර විදියට ඉපදිලා සටන් ජය ගත්තේ කියලා බුදුරජාණන් වහන්සේ, 'වඩ්ඩකී සූකර ජාතකය' දේශනා කළා.

ප.ලි: බ්ලොග් එක ආයෙ නොලියා ඉන්න තීරණය කළත් කාලයත් එක්ක ම ආයෙත් මම බ්ලොග් එක ලියන්න පටන් ගත්තා.ටිකක් විතර කාර්ය බහුල වීම නිසා ගොඩක් අයගේ බ්ලොග් ඇවිත් කියවලා ගියත් ප්රතිචාර දක්වන්න නම් නොහැකි වුණා කියලත් කියන්න ම ඕන. ලංකාදීප පත්තරේ, බෙංගමුවේ නාලක ස්වාමින් වහන්සේ ලිව්ව සටහනකින් තමයි මේ කථාව උපුටලා ගත්තේ. එහෙනම් මම ආයෙත් දිගටම එනවා ඔන්න.

43 දෙනෙකුට හිතුණ දේවල්:
Post a Comment
කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !