දැන් කියන්නම්කෝ යන විදිය ගැන. කොළඹ-බදුල්ල මාර්ගයේ 155 වෙනි කිලෝමීටර කණුවේ, එහෙමත් නැත්තම් බලංගොඩ නගරය පහුකරලා කිලෝමීටර 13ක් විතර එනකොට දකින්න ලැබෙනවා සුප්‍රසිද්ධ බෙලිහුල් ඔය තානායම. එතනින් වම් පැත්තට ළඳුයාය පාරේ කිලෝමීටර දෙකක් විතර ගියාම (ටික දුරක් යද්දි පේනවා කන්දෙන් පහළට ඇල්ල ගලන ලස්සන)දකින්න ලැබෙනවා පුද්ගලික විදුලි බලාගාරයක් සී පවර් කියලා. එතනින් පහළට බැස්ස ම දකින්න ලැබෙන්නේ පහන්තුඩාවෙන් ගලන දිය පාරයි. ඒ නිසා ඇල්ල බලන්න නම් ඒ දිය පාර දිගේ තවත් මීටර 200ක් විතර යන්නෝන. මෙතන නාන්න එහෙමත් පුළුවන් අපූරු ජල තටාක ස්වාභාවිකව ම තියෙනවා. ඒ තරම් අවදානමක් නැහැ. තවමත් සංචාරකයන්ගේ ඇස් වලට මෙතන ඒ තරම් අසුවෙලා නැතිනිසා ම පිරිසිදු ව ස්වාභාවික විදියටම තියෙනවා කියලත් කියන්නෝන.
දැන් කියන්නම්කෝ යන විදිය ගැන. කොළඹ-බදුල්ල මාර්ගයේ 155 වෙනි කිලෝමීටර කණුවේ, එහෙමත් නැත්තම් බලංගොඩ නගරය පහුකරලා කිලෝමීටර 13ක් විතර එනකොට දකින්න ලැබෙනවා සුප්‍රසිද්ධ බෙලිහුල් ඔය තානායම. එතනින් වම් පැත්තට ළඳුයාය පාරේ කිලෝමීටර දෙකක් විතර ගියාම (ටික දුරක් යද්දි පේනවා කන්දෙන් පහළට ඇල්ල ගලන ලස්සන)දකින්න ලැබෙනවා පුද්ගලික විදුලි බලාගාරයක් සී පවර් කියලා. එතනින් පහළට බැස්ස ම දකින්න ලැබෙන්නේ පහන්තුඩාවෙන් ගලන දිය පාරයි. ඒ නිසා ඇල්ල බලන්න නම් ඒ දිය පාර දිගේ තවත් මීටර 200ක් විතර යන්නෝන. මෙතන නාන්න එහෙමත් පුළුවන් අපූරු ජල තටාක ස්වාභාවිකව ම තියෙනවා. ඒ තරම් අවදානමක් නැහැ. තවමත් සංචාරකයන්ගේ ඇස් වලට මෙතන ඒ තරම් අසුවෙලා නැතිනිසා ම පිරිසිදු ව ස්වාභාවික විදියටම තියෙනවා කියලත් කියන්නෝන.
ලොකු කුඩා භේදයකින් තොරව අපි කවුරුත් ආදරය කරන චරිතයක් තමයි අන්දරේ කියන්නෙ. අන්දරේ රජවාසල කවටයා කියලා හැමෝම දන්නවනෙ ඉතින්. අන්දරේ ගොනා වගේ හිටිය හැටි, සීනී කෑව හැටි අපි ඇහුවේ පොඩි කාලෙනේ. ඒ වගේ ම ඔයාලා දන්නවා ඇති අන්දරේ දක්ෂ කවියෙක් බවත්. ඒ කවො ගොඩක් අහලා තිබුණට සමහර වෙලාවට හම්බවෙනවා අහලා නැති ඒවත්. බලන්නකෝ ඔයාලත් මේවා අහලා තියෙනවද කියලා.
දවසක් අන්දරේ සිය ප්‍රිය බිරිඳ සමඟ සතුටු සාමීචියේ යෙදී ඉද්දි බිරිඳගෙන් අන්දරේට ඉල්ලීමක් ඉදිරිපත් වුණා ලු. ඒ තමන්ගේ රුව ගැන කවියකින් කියන ලෙස. ඒ අනුව විහිළුවක් කිරීමට හිතුව අන්දරේ ඇයගේ රුව මෙසේ වර්ණනා කළා.
හිස දෙස බැලිමි පොල් කෙඳි වැන්න පීරනා
බඳ දෙස බැලිමි හෙරලිය වැන්න මෝරනා
තන දෙස බැලිමි වැටකොලු වැන්න එල්ලෙනා
ලිය දෙස බැලිමි වැඳිරිය වැන්න දළු කනා
ඒ කවිය ඇහුව අන්දරේගේ බිරින්දෑ හඬන්නට වූ අතර ඉන් ඇගේ සිත ඉන් බොහෝ රිදුනු බව තේරුම් ගත් අන්දරේ ඇය සැනසීමට "නැහැ සොඳුර මා ඒ කීවේ කවට කමට. නුඹ ගැන නියම කවිය දැන් කියන්නම්" ලෙස සැනසුම් බස් දොඩා මේ කවිය කිව්වලු.
හිස දෙස බැලිමි රන් කෙඳි වැන්න පීරනා
බඳ දෙස බැලිමි රන් කඳ වැන්න ආරනා
තන දෙස බැලිමි රන් කුඹු වැන්න ලෙළ දෙනා
ලිය දෙස බැලිමි සූරිය වැන්න පායනා
-------------------------------------------------------------
මේ කවිය කියලා තියෙන්නෙ අන්දරේ බිරිඳත් එක්ක වලියක් ගිය වෙලාවක....
එක්වෙනදාට උක්දණ්ඩේ පැණි සේමා
වෙන් වෙනදාට යක් දෙඹරේ වද සේමා
ගොසින් ගොසින් කටු අත්තේ අග සේමා
ඉතින් ළඳේ කරවිල තිබ්බටු සේමා
නැවතත් බිරිඳත් එක්ක යාළු වෙන්න ඕන වුණා ම අන්දරේ මෙහෙම කිව්වලු.
සිත පිය වැඩුණු කල සිඹිනට රෝස මල
මගෙ පිය දෙතොල තබනෙමි නුඹෙ මුව කමල
නුඹෙ පිය වදන් සුමිහිරි ලෙස ඇසෙන කල
මම පිය කරමි නදයයි දෙන එ කෝකිල
------------------------------------------------------------
තම බිරිඳගේ රූ සපුව ගැන අන්දරේ කවියෙන් කිව්වෙ මෙන්න මේ විදියටයි.
කොළඹ කළුතර අලුත් ගම් තෙරමුනේ මාතර ගාල්ලේ වත්
සබරගමු පුත්තලම් උඩරට කොට්ටියාරම් තොටමුනේ වත්
සතර සත් කෝරළේ ඇතුළුව සියලු වැදි පත්තු හතේ වත්
නුඹසේ ලස්සන කතක් නොදුටිම් සතර වාසල් කොන් අටේ වත්
නැතිමය මෙ නුඹ වැනි කුසුමක් සුමිහිරිය
මොසමය කොවුල් හඬ නුඹෙ හඬ ඉමිහිරිය
කැළුමය දෙනුවනින් නික්මෙන නුඹෙ සිරිය
උරුමය මෙමගෙ ළය බෝ සතුටින් පිරිය
කොහොමද අන්දරේ ගේ කවි ටික. ඔන්න කසාද බැන්ද උදවියටත් උත්සහ කරලා බලන්න පුළුවන්. හැබැයි වැඩේ අල වුණොත් ඔන්න මම නම් නැතෝ!
මූලාශ්‍ර - විමල් ගමගේ මහතා විසින් රචිත "අන්දරේ" කෘතිය සහ ChannelFun ඇසුරෙනි
බුදු රජාණන් වහන්සේ දේශනා කළේ "මහණෙනි, මේ සිත විතරක් විශ්වාස කරන්න එපා. මෙය බොහෝ විට පවතින්නේ මාරයාගේ (ප්‍රමාදයේ මිත්‍රයාගේ) වසඟයේ......යි"" මේ හිතට එහෙම වෙන්න උදව් කරන්නේ දස මාර සේනාවයි. ඔයාලා අහලා ඇතිනේ සිද්ධාර්ථ තවුසා දස මාර සේනාව පරාජයට පත් කරලා බුද්ධත්වයට පත්වුණා කියලා. මේ කියන්නේ ඒ පරාජය වුණ දස මාර සේනාව ගැනයි. මේ දස මාර සේනාව අපේ හිතට ඇතුළු වෙන්නේ හරි ම මිතුරු වේශයෙන්. ඒ වුණත් ඒ අය අපේ හිතට කරන හානිය නම් සුළුපටු නැහැ. එයාලා නිසා අපේ හිත හොඳ-නරක, අම්මා-තාත්තා, කුසල්-අකුසල් අඳුනන්නේ නැති තත්වයට පත්වෙන්න ඉඩකඩ ඉතාම වැඩියි. කියවලා බලන්නකෝ ඔයාලත් මේ අය කීදෙනෙක් නම් හොඳම යාළුවෝ කරගෙන ඉන්නවද කියලා...
දස මාර සේනාව
1. කාම සේනාව - පංචකාමය (පංච ඉන්ද්‍රියන්.., ඇස, කණ, නාසය, දිව, ශරීරය පිනවීමට ඇති කැමැත්ත)
මෙය වක්‍රාකාරයෙන් ද ක්‍රියාත්මක වේ. එනම් මෛත්‍රියේ මුවාවෙන් ද කෘතගුණ සැලකීමේ මුවාවෙන් ද පිංකම්වල මුවාවෙන් ද ආදි යහපත් කටයුතු මාර්ගයෙන් ද පංචකාමයෙහි යෙදීම ආදිය සිදු විය හැකි ය.
2. අරතිය - කුසල් දහම් දියුණු කිරීමට ඇති අකමැත්ත, එනම්, පිං කිරීමට, භාවනාවට, සිල් ගැනීමට ආදියට ඇති අකමැත්තයි. මේ පෝයට නෙවෙයි, ලබන පෝයට ම සිල් සමාදන් වෙනවා වගේ.
3. පිපාසය, බඩගින්න - කුසල් දහම් වැඩීම මේ හේතුවෙන් පසෙක දමයි.
4. තණ්හාව -
මෙය වක්‍රාකාරයෙන් ද ක්‍රියාත්මක වේ. එනම් කීර්ති, ප්‍රශංසාවලට ආශාවෙන් අනිත් අයට කරන උදව් (චාගය) මුවාවෙන් ද තණ්හාව වර්ධනය කර ගත හැකි ය. පරිත්‍යාගය, අත හැරීමේ මුවාවෙන් ද තණ්හාව ක්‍රියාත්මක විය හැකි ය. ප්‍රසිද්ධිය උදෙසා නිර්මාංශ වීමත් එක්තරා විදියක තණ්හාවක්.
5. ථින මිද්ධය - නිදිමත, අලසකම, කායික වශයෙන් ඇති වන කම්මැලිකම.
මෙය වක්‍රාකාරයෙන් ද ක්‍රියාත්මක වේ. එනම් සමාධි ස්වරූපයෙන් ද ක්‍රියාත්මක වේ. නුවණ ලෙස ක්‍රියාත්මක වන විට භාවනා කරලා වැඩක් නැහැ, තව ඉගෙන ගන්න ඕනෙ ආදිය පැවසෙන්නේ ය. පරීක්ෂා කරන මුවාවෙන් ද ඇති වේ. එවිට භාවනා කරන්න කලිං හොයලා බලන්න ඕනෙ ආදිය පැවසෙන්නේ ය. ආත්ම ගෞරවයේ, ආරක්ෂාවේ ස්වරූපයෙන් ද ක්‍රියාත්මක වේ. එවිට ඔය තැන්වලට ගිහිං භාවනා කරලා වැඩක් නැහැ, අභිධර්මය උගන්වන තැනකට යන්න ඕනෙ වගේ සමහරු කියන්නෙත් මේ නිසා ම තමයි.
6. බිය - එනම් ධර්මයේ හැසිරීමට අධ්‍යාත්මික වශයෙන් ද බාහිර වශයෙන් ද ඇති බිය ය. එනම් භාවනා කරන්න ගියොත් පිස්සු හැදෙයි, සිල්වත් වෙන්න, සමාධි වඩන්න බය වුණත් කෙලෙස් පිළිබදව හෝ සසර ගැන හෝ බියක් නැහැ ඒ අයට.
7. විචිකිච්ඡාව - එනම් බුදු රජාණන් වහන්සේ , දහම් මාර්ගය , සංඝයා වහන්සේ, පටිච්ච සමුප්පාදය ආදිය පිළිබද ව ද ඇති වන සැකය යි. මෙය නිසා ආර්ය මාර්ගය නො වැඩේ.
8. ගුණමකුකම හා සිතේ ඇති දැඩිබව - ගුණමකුකම තුළින් අනිත් අයගේ ගුණයන් මකා දමමින් කථා කරයි. ඊරිසියාව සිතෙහි ක්‍රියාත්මක වීම නිසා සිදු වේ. තමාගේ සිත පිරිසිදු නො වේ නම් තමා තුළ ආර්ය මාර්ගය නිවැරදි ව නො වැඩෙන්නේ කෙසේ ද යත් අපිරිසිදු රෙදි කඩකට හොදින් සායම් නොඅල්ලන්නා සේය. දැඩිබව හේතුවෙන් නම්‍යශීලි නො වීම නිසා ධර්මය නො වැඩේ. බුදු රජාණන් වහන්සේට ද නො නැමේ.
9. ලාභ, කීර්ති, ප්‍රශංසා සහ බොරුවෙන් ලැබෙන යසස - හුදකලා වූ විට ස්ත්‍රියකට හසු වීමට වඩා මේවාට හසු වීම භයානක වන්නේ ය. මේ දේවල් වලට නම් ගොඩක් දෙනා පහසුවෙන් ම බැඳිලා යනවා.
10. මානය - තමන් උසස් කර අනිත් අය පහත් කිරීම ආදිය සිදු වන්නේ මානය නිසාය. මෙය ද ඉතා සියුම් ලෙස ක්‍රියාත්මක වේ. නිහතමානි විධියෙන් ද මානය ක්‍රියාත්මක වේ.
හැබැයි මෙතනදි වරදවා වටහා ගන්න එපා මේ කියන්නෙ මාරයා ගැනයි කියලා. මාරයා කියන්නේ එක්තරා විදියක තනතුරක්, හරියට ශක්‍ර පදවිය වගේ. කාලෙන් කාලෙට එක එක්කෙනා ඒක දරනවා වගේ ම කාන්තාවකට කවදාවත් ඒ පදවිය ලැබෙන්නෙත් නැහැ කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඍද්ධිමත් භික්ෂූන් අතර අග්‍ර මුගලන් මහ රහතන් වහන්සේත් වරක් කකුසඳ බුරජාණන් වහන්සේ ගේ කාලයේ දුසී නමින් මාරයෙක් ව ඉඳලා බුදුන් ප්රමුඛ සංඝයාට බොහෝ හිරිහැර කළා කියලාත් සඳහන් වෙනවා. බෝසතාණන් වහන්සේට බුදු වීමට බාධා ඇති කිරීමට උත්සාහ කරන ලද්දේත්, ධර්මය දේශනා කිරීම වැළැක්වීමට විවිධ වෙස් රැගෙන බාධා කළේත්, බුදු රජාණන් වහන්සේට පිරිනිවන් පෑමට ආරාධනා කළේත් එම මාරයා විසිනි. එසේ ම මාරයා ට අප හමු වීමට අවශ්‍ය නො වන්නේ ඉහත කෙලෙස් ධර්ම හෙවත් දස මාර සේනාව අප තුළ නො අඩු නිසා වගේ ම අප ආර්ය මාර්ගයට තවමත් පිවිසිලා නැති නිසයි.
ප.ලි: කොහොමද යාලුවෝ ටික. හරි අපූරුවට අපි ළඟත් ඉන්නවා නේද? පුළුවන් නම් හෙට වෙසක් පෝය දවසේ උපෝසථ අෂ්ඨාංග ශීලය රකින්න උත්සහ කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ මුළු ලෝකයේ ම සාගරයේ, ගොඩබිම තියෙන මුතු මැණික්, රන් රිදී එක තැනකට ගොඩ කළාම ලැබෙන වටිනාකම, සිල් රැකීමේ වටිනාකමෙන් සොළොස් කලාවෙන් එකක් (1/16ක්) තරම්වත් වටින්නේ නැහැ කියලා. මේ සටහන හෙට උදාවෙන වෙසක් පෝය වෙනුවෙනුයි. හැමෝටම මේ දවස් දෙක අර්ථවත් ව ගත කරන්න අවස්ථාව ලැබේවා කියන එකයි මගේ පැතුම. මට ලැබුණ ඊයකුත් උදව් වුණා මේක ලියන්න. මාරයා ගැන ලියැවුණු තවත් සටහනක් කැමතිනම් මෙතනින් බලන්න. පෝය දින විශේෂ සටහන් මෙතනින් බලන්න. එහෙනම්
38 දෙනෙකුට හිතුණ දේවල්:
Post a Comment
කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !