මහින්ද චින්තනය තුළ රජයේ සේවකයා ශක්‌තිමත් කර ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස්‌ කිරීමට වාගේම සේවා තත්ත්වය වර්ධනය කිරීමටත්...

පහුගිය ටිකේ මේ ගැන මොනවහරි ලියන්න ඕන කියලා හිතුවත් දවසින් දවස කල් ගියා මේ ගැන ලියන එක. රාජ් අයියා ලියලා තිබුණ සටහන කියෙව්ව ම මටත් හිතුණා ඔය සම්බන්ධයෙන් මම දන්න සිද්ධි දෙකකුත් ලියලා දාන්න. රාජ්‍ය සේවය සහ දේශපාලනය අතර තියෙන සම්බන්ධය මොනවගේ එකක්ද කියලා ආයෙ අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. පහුගිය දශක කිහිපය ඇතුළත ඒක කොයි විදියටද ගරා වැටුණේ, ඒ ගරා වැටීම සිද්ධ වුණේ ලක්ෂ 13ක් විතර වෙන රජයේ සේවකයාගේ කොන්ද උඩින් කියන දේ කශේරුකාවක් රහිත ගොඩක් දෙනෙකුට නොතේරුණත් ඒක තේරුණ කිහිපදෙනාටත් වුණේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න ඉන්න එක විතරයි. හැබැයි කණගාටුවට කරුණ වෙන්නෙ බහුතරයක් රටේ මිනිස්සු "ලබ්බට තියන අතමයි පුහුලටත් තියන්නෙ " කියන දේ තේරුම් නොගන්න එක.

මේ පළමුවෙනි සිද්ධිය... මේක සිද්ධ වෙලා දැනට මාසයක් විතර ඇති. වුණේ කෑගල්ල පැත්තේ තියෙන, මියගිය ප්‍රසිද්ධ රාජ්‍ය නායකයෙකුගේ නමක් සහිත මධ්‍ය මහා විද්‍යාලයක. ප්‍රධාන චරිතය වුණේ විසුරුවා හැරලා තියෙන පළාත් සභාවක හිටපු ප්‍රධාන ඇමතිවරයෙක්. ඒ පුද්ගලයා ආවේ විවෘත කිරීමකට හෝ මුල්ගල් තැබීමකට. මේ සිද්ධිය වෙන දවසේ එතැනට රැස්වෙලා හිටියා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ, ආචාර්ය මණ්ඩලය වගේ ම දෙමව්පියනුත්. පාසලේ ප්‍රධානියා විදියට හිටියෙ තරමක් වියපත් විදුහල්පතිවරියක්. ප්‍රධාන අමුත්තා විදුහලට ආවා ම ආයතනයේ ප්‍රධානියා විසින් සාමාන්‍යයෙන් අතට අත දීලා හෝ ආයුබෝවන් කියලා පිළිගන්න එක සිරිතනේ. ඒ වෙනුවට මේ විදුහල්පතිවරිය කළේ අදාළ ප්‍රධාන ආරාධිතයා එද්දි ක්ෂණිකව ම දණගහලා වැන්ද එකයි. ශිෂ්‍ය ශිෂ්‍යාවෝ, ආචාර්ය මණ්ඩලය වගේ ම දෙමව්පියනුත් මුහුණට මුහුණ බලාගත්තා. හැමෝටම මොනවා හිතෙන්න ඇතිද? කෙනෙකුට කියන්න පුළුවන් සමහරවිට විදුහල්පතිවරිය ප්‍රධාන ආරාධිතයාට වඩා වයසින් අඩු නිසා හෝ ප්‍රධාන ආරාධිතයා බොහෝ ගුණයහපත් නිසා වඳින්න ඇති කියලා. දෙවෙනි කාරණය කෙසේ වෙතත් පලමුවෙනි කාරණය නම් එහෙම වයසින් අඩු බවක් නම් නැහැ කියන එකයි. උගත්කමක් කෙසේවෙතත් සාමාන්‍ය බුද්ධිමත් කමක් තියෙන කෙනෙකුට මේකේ සැඟවිලා තියෙන යටි අරුත නම් තේරුම් ගන්න ඒ තරම් අපහසු වෙන එකක් නැහැ.

මේ දෙවෙනි සිද්ධිය... පහුගිය දවස්වල උපාධිධාරීන් පිරිසකට තොරතුරු තාක්ෂණ ගුරු පත්වීම් දුන්නානෙ. මේ එක ගුරුවරයෙකුට පසුගිය දවසක් දුරකථන ඇමතුමක් ඇවිත් තියෙනවා "තමුන් xxx ආසනයේ තොරතුරු තාක්ෂණ ගුරු පත්වීම ලැබුණ xය්z නේද? එහෙනම් yy දවසේ 10 ට abcd තුමාගේ කැන්වසින් යන්න අනිවාර්යයෙන් එන්න ඕන" කියලා. ඔය කියන පුද්ගලයා සමහරවිට abcd තුමාගේ ලිස්ට් එකෙන් යන්න ඇති. නමුත් ගුරුවරයෙකුට මෙහෙම ඇඟිල්ල දිගු කරලා කියන්න තරම් අද දේශපාලනඥයා (වටේ ඉන්න හෙංචයියෝ ) සාපේක්ෂව කොයිතරම් ශක්තිමත් වෙලා ද? ඒක ඇත්තටම ගැටළුවක්.

කොහොමත් කවුරුත් මේවට විරුද්ධව කතාකරන්න යන්නෙ නැත්තේ කළුගලේ ඔලුව ගහගත්තම තුවාල වෙන්නෙ තමන්ටමයි කියලා දන්න නිසා ම වගේ ම අහක යන නයි ඇදලා අරන් ඔඩොක්කුවේ දාගෙන කනවෝ කනවෝ කියන්න ඕන කමක් නැති හින්ද වෙන්නෝන. කොහොමත් ඉදිරියේදී මේ තත්වය තවදුරටත් වැඩිවීමක් මිසක් අඩුවීමක් නම් කොහොමත් බලාපොරොත්තු වෙන්න බැහැ. …කිසියම් ආයතනයක විනය කියන දේ පිරිහුණාට පස්සෙ එතැන පාලනයක් නැහැනේ. රට කියන ආයතනය වුණත් මීට වැඩි වෙනසක් නැහැ.


පසුවදන : ඔන්න මාසයක් විතර තිස්සෙ තිබුණ මගේ කාර්යබහුල සමය නිමාවුණා. ට්‍රේනින් යන්න තව මාසයක් හමාරක් තිබුණත් ලෙක්චරර්ස්ලගේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා අපිත් තීරණයක් ගත්තා දැන් ම ට්‍රේනින් යන්න. ඉතින් හැමතැනටම CV යවලා යවලා ඇතිවෙලා හිටියෙ(කවුරුත් එන්න කියන්නෙ නැහැනේ.) පළවෙනි සතියෙ දෙකේ හිටියෙ පුදුමාකාර පීඩනයකින්. අනිත් හැමෝටම ඉන්ටර්විව් කතාකරද්දි මට විතරක් එහෙම නැහැ. එතකොට යාළුවෙක් කියනවා ෆෝන් එකට ගොඩක් වෙලාවට කෝල්ස් ගන්න අමාරුයි කියලා. ඊට පස්සෙ ෆෝන් එක මාරුකළා. ෆෝන් එකේ අවුලක් තිබිලද මන්දා ඔන්න ඊට පස්සෙ මටත් ආවා ඇමතුම් ඉන්ටර්විව් වලට එන්න කියලා. (ඒ දවස්වල දවල් ටොයිලට් එකට ගියත් යන්නෙ ෆෝන් එක අරගෙන, ඇයි ඉන්ටර්විව් එකකට කෝල් එකක් හෙම ආවොත්... )ගොඩක් ආයතන අද හවස කතාකරලා කියනවා හෙට එන්න කියලා(ඒවයෙ HR වල ඉන්නෙ නම් මහ පිස්සෝ).

ඒ මදිවට අවුරුදු තුනහමාරක් තිස්සෙ ඉගෙනගත්ත ඒවා දවස් කිහිපයකින් පාඩම් කරන්න වුණා ම දැනෙන සතුට... අතෑරියෙ නැහැ, කොහොමහරි නිදිමරාගෙන පාඩම් කළා. ඊට පස්සෙ පාන්දර 2-3ට නැඟිටලා ලෑස්තිවෙලා කොළඹ එනවා. ඉන්ටර්විව් වලින් පස්සෙ හැමෝම කියන්නෙ පස්සෙ දන්වන්නම් කියලා. ඊට පස්සෙ ආයෙ ගෙදර එනවා. ඔහොම ගිහින් අන්තිමේට තුන්වෙනි ඉන්ටර්විව් එක යන්තම් ගොඩදාගත්තා. Final exam එකට නිවාඩුත් දෙන්නම් කිව්ව නිසා academic වැඩ වලට කරදරයක් වෙන එකක් නැතිවේවි. ඔන්න දැන් මමත් රස්සාවක් කරන්න යන්නෙ. ලබන සඳුදා තමයි ඉස්සරවෙලා ම යන්න තියෙන්නෙ ඕං (දැන් මමත් Trainee Software Engineer කෙනෙක්!)


සන්තෝසෙටත් එක්ක කමු ද කේක් කෑල්ලක් එහෙනම් ...

46 comments:

  1. සුබපැතුම් රස්සාවක් ලබාගන්ඩ තිබ්බ උනන්දුව රස්සාව කරගෙන යන කොටත් ඒ විදිහටම තියෙන්න ඔන මොකද රස්සාව කරන්න ගත්තාම එකේ අගය සිතින් මැකිල යනව බොහෝ බාහිර බලපැම් නිසා නමුත් රස්සාව නැති උනොත් තමයි ආයේමත් ඒකේ අගේ දැනෙන්න පටන් ගන්නේ එක නිසා වගකිමෙන් වැඩ කරන්න ඉදිරිය ජය වේවා

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒක නම් ඇත්ත අයියෙ, පසුගිය දවස්වල ඉන්ටර්විව් එකක්වත් නැතිවුණා ම දැනුන හැඟීම නම් වචනයෙන් විස්තර කරන්න බැහැ. ඒ තරම් දුකයි...

      Delete
  2. දේශපාලන අධිකාරියට උවමනාවක් තියනව නම් "රාජ්‍ය සේවය" කියන්නෙ හොඳට හදල ගන්න පුළුවන් තැනක්. හැබැයි ඊට පස්සෙ සිදුවෙන්නෙ දේශපාලන පදේට නටන සේවය නිමාවීම. ජනතාවගෙ පැත්තෙන් ඒක හොඳදෙයක් උනත් පොලිට්ක්කන්ගෙ පැත්තෙන් නරක දෙයක්. අන්න ඒකයි රාජ්‍ය සේවය මේ තත්වයට පත්වෙලා තියෙන්නෙ. (තමුං වෙනුවෙන් කැන්වසින් යන්නෙ තමුංගෙ ලිස්ට් එකෙන් ගියොත්නේ). වැඩේ කියන්නෙ "සාමාන්‍ය ජනතාව" ලැහැස්ති වෙලා ඉන්නෙ වැඩ ප්‍රමාද වෙනව කියල රාජ්‍ය සේවකයන්ට බනින්න විතරයි. 18 වෙනි සංශෝධනය ගෙනල්ල තිබුනටත් වඩා රාජ්‍ය සේවකයගෙ කොන්ද බිඳදැම්ම කියල "දන්න උදවිය" පවා කීයෙන් කීදෙනාද මේ සමාජයේ ඉන්නෙ.

    අළුත් රස්සාවට සුභපැතුම්. වැඩ කරන්න පුළුවන් තරුණ කාලෙ පෞද්ගලික අංශයේ රැකියාවකට යාම ඉතාමත් හොඳයි. ඒ වගේම ලංකාවේ පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ගෙ ගැටළු තියනවා. ඒ ගැන වෙනම ලිපියකින්.

    ReplyDelete
    Replies
    1. රාජ්‍ය සේවය හොඳට හැදුවොත් ආන්ඩුවට වැඩක් නැහැනේ, ඕන විදියට නටවන්න බැහැනේ. ඒ නිසා ඒක කවදාවත් වෙන දෙයක් නම් නෙවෙයි. ඒ වුණත් ගුරුවරයෙක් වගේ කෙනෙකුත් ඔය වගෙ සිල්ලර වැඩ කරද්දි අනිත් මිනිස්සුන්ට ඇතිවෙන හැඟීම මොකක්ද... ඔය සංශෝධන බලාත්මක කරන්නෙ අදාළ මිනිස්සුන්ගෙන් අහලා නෙවෙයිනෙ, දේසපලකයන්ගේ උවමනා එපාකම් වලටනෙ!

      Delete
  3. ඉස්සෙල්ලාම අළුත් රැකියාවට සුභ පැතුම්..වැඩ ලෝකයට සාදරයෙන් පිළිගන්නවා..හැබැයි ඔය වර්චුවල් කේක් දීලා බේරෙන්න බෑ..

    රාජ්‍ය පරිපාලනයයි ආණ්ඩුවයි දෙකක් කියලා සැලකෙන කම් මේ වගේ සිද්ධි නවත්තන්න බැරි වේවි..ඒත් පෞද්ගලික වාසි පැත්තක තියලා රටේ පවතින ක්‍රමය සංශෝධනය කරන්න කොන්ද පණ තියන එකම එක නායකයෙක් වත් හිටියා නම්..!!

    ReplyDelete
    Replies
    1. //රාජ්‍ය පරිපාලනයයි ආණ්ඩුවයි දෙකක් කියලා සැලකෙන කම්//???????
      ඔබ කියන දේ අර්ථය නොවැටහේ.වී ඇත්තේ රාජ්‍ය සහ ආණ්ඩුව පටලවාගෙන ඔබකියන දෙය වීමයි. රාජ්‍ය සහ ආණ්ඩුව පැහැදිලි ලෙස දෙකකි මෙය ඔබ කියන ලෙස එක් විය යුතු නැත .ආණ්ඩු අවුරුදු 6න් 6ට මාරුවේ ගමේ කසිප්ප්පු පෙරන අයත් ආන්ඩු වලට පත්වේ. රාජ්‍ය වගකියන්නේ මීට එරෙහිව අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටයි. වෙනත් විදියකට කියන්නේ නම් ජනතාවටයි. රාජ්‍ය නිලධාරින්ට මේ වරින් වර ආණ්ඩු වලට තාවකාලිකව පත්වෙන ගොබ්බයින් ට යටත් නොවී වැඳ නොවැටී රාජ්‍ය සෙවය අණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය නොවන සේ පමනක් ජනතාවට වගකිව හැකිවන ලෙස ස්වාධීනව කටයුතුකල හැකි කොන්දක් ලබාදිය යුතුය

      Delete
    2. ස්තූතියි රූ අක්කෙ, රාජ් අයියෙ සුබ පැතුම් වලට...රාජ්‍ය සේවා කොමිෂන් සභාව පත් නොකරන්නෙත් උන්ට පුද්ගලික වාසි ගන්න බැරිවෙන හින්දයි! අනේ කුහුඹුවනේ තොපටත් රජෙක් ඉන්නෙ.....

      Delete
  4. Trainee Software Engineerට ජයවේවා !

    ReplyDelete
  5. ayyata ikmanata job ekak labuna ekata hadawatinma sathutu wenawa.a wagema oya job eka hamadama hodata karagena yanna labewa kiyala hadawathinma suba pathanawa ayya !!!........labena de hariyata,uparimayenma karanna balanna ayya.mamanam hithanne ethakota thamanta gewana padiyata nayak ne kiyalai ayya.dannawada ayya,api wada karanna one apita eyalawa one wena widiyata nemei,apiwa eyalatha one wena widiyata.ayya hithanna epa mama ayyata upades denna awa kiyala.mama kiwwe mage hithata apu dewal ayya........waradi deyak kiyaunanam sorry ayya.mmm......cake kallanam rahai ayya.... :) (job ekakata giyapu kenek wage mehema panditha katha kiyewwata tama mama scle yana babek hode........)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔයාගෙ වටිනා අදහස් වලට! ඔයා කියන දේවල් සම්පූර්ණ ඇත්ත! ස්කෝලෙ යන බබෙක් නෙවෙයි මොන්ටිසෝරි යන බබෙක් මොනාහරි දෙයක් කිව්වත් මට ඒකේ ගන්න දෙයක් තියෙනවා නම් මම හිතට ගන්නවා, ඒ නිසා මම එහෙම හිතන්නෙ නැහැ. මට ඒත් පුදුම ඔයාට කොහොමද මේතරම් දේවල් හිතුණෙ කියලා (තාම පොඩි බබෙක් වෙලත්!) කොහොම උණත් ආයෙමත් ස්තූතියි ඔයාට!

      Delete
  6. ජොබ් එකට සුබ පැතුම් අයියේ!!
    රාජ්‍ය සේවේ ගැන මොනවත් නොකිය ඉන්නම් මේ වගේ සතුටු අවස්තාවක :))

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගී... ඒකත් ඇත්ත තමයි. හැබැයි කියන දෙයක් දැන් කිව්වොත් තමයි, තව ටික දවසක් යද්දි කොහොමත් කට වහගෙන ඉන්නවෙයි ඇමෝටම!

      Delete
  7. ජොබ් එකට සුභ පැතුම් අයියේ...

    ReplyDelete
  8. සුභ පැතුම් මචන් ලහිරු අලුත් ජොබ් එකට !!! ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් ආයෙ චැට් එකේදි කියන්නෙ මමත් වැඩ කියලයි ඔන්න! ජය වේවා!

      Delete
  9. උබ නම් ජොබ් කරනවා. අපි තාමත් කැම්පස්.. ඉරිසියත් හිතෙනවා. කරන්න දෙයක් නෑ. කවද හරි අපිත් ඔය ලෝකෙට එනවනේ... සුබපැතුම්

    ReplyDelete
    Replies
    1. බලාගෙන ඉඳලා බැරිම තැන තමයි එහෙම යන්න හිතුවෙ,නැත්තම් අපරාදෙනෙ කාලේ. එස් බී ට වත් වෙන කාටවත් අපේ ගතවෙන කාලය ගැන හැඟීමක් නැහැනේ. ස්තූතියි සුබ පැතුමට!

      Delete
  10. අළුත් රැකියාවට මේ්න මගෙනුත් උණුසුම් සුභ පැතුම්....ආ..මෙන්න ගන්ඩකෝ....

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ, ඔයාට තමයි මම ඉස්සරවෙලා ම මේ නිව්ස් එක කිව්වෙ හරිද..

      Delete
    2. මම වගේ එකෙක්ට කිව්වා කියන්නෙ ඉතින් ආයි ගන්ඩ.අහ් සොලි හෝදන්ඩ දෙයක් නෑ...එළම තමයි....සුභ පැතුම්...

      Delete
    3. හැහ්.. ඒ කියන්නෙ හෝද හෝද මඩේ දානවා වගේ වැඩක් ද? අයියෝ සල්ලි!

      Delete
  11. ෂඃ! අපූරුයි! ඔබට මගෙන් සුභ පැතුම් යාලු :)

    ReplyDelete
  12. the Experiment කියලා ෆිල්ම් එකක් තියෙනවා.පුළුවන්නම් හොයාගෙන බලන්න.පාලක පාලිත වෙනස හොඳට විස්තර කරලා තියෙනවා.

    රස්සාවට සුභ පැතුම්!!

    ReplyDelete
    Replies
    1. ඒක බැලුවද මන්දා, හරියට ම මතක නැහැ... ස්තූතියි සහෝ හැමදාමත්!

      Delete
  13. මම මොකක් හරි සිංහල blog එකකින් කියෙව්වා වගේ "හැමෝම මේ වෙන දේවල් දැනගෙනත් දන්නේ නැහැ වගේ" ඉන්නවා....

    …ජොබ් එකට හොඳින් කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා :)

    ReplyDelete
    Replies
    1. තව ටික දවසකින් වෙන්නෙ කවුරුහරි ඇඟිල්ලෙන් ඇනලා පෙන්නුවත් දැක්කෙ නැහැ වගේ ඉන්න එකයි... අනෙ මන්දා රටකට යනකල! ස්තූතියි සහෝ!

      Delete
  14. ට්‍රේනින් හම්බ වෙච්ච එකට සුබ පැතුම් මචං !
    මාත් සෑහෙන්ඩ ඇප්ලිකේශන් දැම්මා යන්තන් ඒ දවස්වල එකක් සෙට් උනා. ඉන්ටවු නම් කීයකට ගියාද.... :)

    හරි දැන් කතාවට එමු.
    අර විදුහල්පතිනිය වඳින්ඩ ඇත්තේ මොකක් හරි උසස්වීමක් බලාපොරොත්තුවෙන් වෙන්ටෑ..
    දෙවෙනි කාතාවට අනුව තමයි ගොඩක් වැඩ සිද්ධ වෙන්නේ. අපේ පැත්තේ කට්ටිය ගොඩක් දේශපාලන බලයෙන් ධීවර සංස්ථාවට පැනගෙන... දැන් ගමේ ගොඩක් ඉන්නේ ධීවරේ.. :)

    ReplyDelete
    Replies
    1. තැන්කූ මචෝ! උසස්වීම, ලැජ්ජාව වගේද නේද? වරාය, ධීවර, මහවැලි වගේ ඇමතිකම් කියන්නෙ හරියට රැකියා උල්පත් වගේනේ, හැමෝම වහ වැටෙන්නෙ ඔවටනෙ... හෑ.. ඒක තමයි මෙහෙට මාළු නැත්තෙ එහෙනම් ?

      Delete
  15. සුබ පැතුම් ලහිරු මල්ලි...

    අර විදුහල්පතිවරිය ගැනනම් මට කලකිරීමක් ඇතිවුනා. තමන්ට ආත්මාභිමානය කියලා දෙයක් තියෙන්න ඕන නේද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කේ, ඒත් ඒක වගේ ද ප්‍රමෝෂන් එක කියලා හිතන්න ඇති. අනේ මන්දා ඉතින්.

      Delete
  16. ෂා....දැන් trainee software engineer කෙනෙක් නේ!!!හොඳයි හොඳයි.ට්‍රේනින් ගැන කිවුව අත්දැකීම මටත් ඔය විදිහටම තිබ්බා.මුල් දවස් ටිකේ නම් කාලෙකින් ගෙදර ඉන්න ලැබුන සතුට නිසා ඒ තරම් ගානක් තිබ්බෙ නෑ.ඒත් අනිත් අය ට්‍රේනින් යන්න ගත්තම තමයි මටත් ඒ පීඩනය දැනෙන්න ගත්තෙ.
    කොහොම උනත් අලුත් ජොබ් එක ඉතාමත්ම හොඳින් කරගෙන යන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා!!! :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔයාටත්! ගෙදර ඉන්න නම් ආසයි, ඒත්...

      Delete
  17. නව රැකියාවට මගෙනුත් සුභ පැතුම්...!
    ලිපිය ගැන නම් කියන්නට තියෙන්නේ හරිම ශෝචනීය තත්වයක්.. තනතුරු හොබවන්න නුසුදුසු අය ඡන්දෙන් පත් කර ගත්තාම මේ දේ වෙනවා. ඒ මන්දයත් ඔවුන් තමන්ට කලින් නොතිබ්බ පිළිගැනීමක් දේශපාලන හයිය පෙන්නලා ලබාගන්නට හදන නිසා.. කවදා මේ තත්වය වෙනස්වේද කියන්න නම් තේරෙන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! වෙනස් වෙන එකක් නම් නැහැ මම හිතන්නෙ මේ තත්වය...

      Delete
  18. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. ඔව්, එහෙම ඉන්න වෙනවා, නැත්තම් බෙල්ල තමයි යන්නෙ! ස්තූතියි මචෝ!

      Delete
  19. අඩේ පට්ට ඈ...? අපිටත් ඔහොමම වෙයිද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. හෑ හෑ කියන්න බෑ ඉතින්!

      Delete
  20. අලුතින් රජයේ රැකියා ලබන අය බොහොමයක් ඔය දේශපාලන වැඩ වලට යොදා ගන්නව. මමත් දන්න කීප දෙනෙක් ඉන්නව. ඒ අයත් රැස්වීම්, උත්සව, කැන්වසින් ඔය වගේ ඒවට යනව. පෝය දවසට වත් නිවාඩුවක් නෑ.

    …ලැබුනු රැකියාවට සුබ පතනව..!

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා කවදා මේක නතරවෙයිද කියලා... ස්තූතියි !

      Delete
  21. පරක්කු වෙලා ආවට මටත් කේක් ඕන අයියේ.... :)))

    ReplyDelete
    Replies
    1. අයියෝ... දැන් නම් කේක් කුඩු තමයි!!!

      Delete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !