පුද්ගලික ආරක්ෂාවේ අයිතිය හෙවත් ආත්මාරක්ෂාවේ නීතිය...

පුද්ගලික ආරක්ෂාව එහෙමත් නැත්තම් ආත්මාරක්ෂාව කියන දේ සම්බන්ධ නීතිය ගැන යමක් කියන්නයි හදන්නේ. අද රටේ තියෙන වාතාවරණයත් එක්ක බලද්දී නීතිය ගැන ඉගෙනගෙන නම් වැඩක් නෑ, කොහොමහරි අතපය එහාට මෙහාට වනන්න දැනගෙන හිටියානම් ඇති වගේ වුණත් කොයි එකටත් දැනගෙන ඉන්න එක හොඳයි මේ ගැන. සාමාන්‍ය ජනතාවට බලපාන මේ නීතිය කියන රාමුව ඇතුළේ ඉඳන් අපිට කරන්න පුළුවන් දේ සහ බැරි දේ ගැන දැනුවත් වෙලා ඉන්න එක වැදගත් වේවි, මොකද මම කියන්න යනදේ අපේ සාමාන්‍ය එදිනෙදා ජීවිතයට හරි ම වැදගත් නිසා. අපේ ආත්මාරක්ෂාව වෙනුවෙන් කරන්න පුළුවන් දේ ගැන දැනගන්න, එහෙම නම් කියවන්න මේ සටහන....

පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ලැබෙන්නේ පහරදීමකදී පමණක්ද ?

සාමාන්‍යයෙන් බොහෝදෙනෙක් මේ ගැන දන්නේ පහරදීමක් ගැන කිව්වම විතරයි. නැහැ, ඒක වැරදියි. ශරීරයට සිදුකරන හානි වලදී ජීවිතය බේරාගැනීමට විතරක් නෙවෙයි දේපළ වලට කරන හානි වළක්වා ගන්නත් පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පාවිච්චි කරන්න පුළුවන්.

පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ලැබෙන්නේ තමන්ගේ ජීවිත හානි/ දේපළ හානි වලක්වාගන්න විතරක්ද?

තමන්ට හැර වෙනත් පුද්ගලයෙකුට කිසිවෙකු විසින් පහරදීමක් හෝ දේපළ හානියක් කරන්නේ නම් එම අපරාධකරුවාට පහරදි ජීවිත/ දේපළ හානිය වළක්වන්න තවත් කෙනෙකුට හැකියාව තියෙනවා. වෙනත් කෙනෙකුගේ ජීවිතය අපරාධකරුවෙකුගෙන් බේරාගන්න, කාන්තාවක් ස්ත්‍රී දූෂණයකින් ගලවාගන්න, කෙනෙකුව බරපතල තුවාල කිරීමකින් බේරාගන්න, පිටස්තර පුද්ගලයෙකුගේ දේපළ සොරකමකදී දේපළ ආරක්ෂා කිරීමට (පිටස්තර පුද්ගලයා විශේෂයෙන් ආධාර නොඉල්ලුවද) බලය පාවිච්චි කරලා අපරාධකරු මෙල්ල කිරීමට සාමාන්‍ය පුරවැසියාට අයිතිය තියෙනවා.

රජයේ නිළධාරියෙක් විසින් අත්අඩංගුවට ගැනීමකදී පුද්ගලික ආරක්ෂාවේ අයිතිය...

පොලිස් නිළධාරියෙකු හෝ හමුදා නිළධාරියෙකු අත්අඩංගුවට ගැනීමකදී හෝ රඳවාගෙන පහරදීමක් කරන අවස්ථාවකදී ඊට විරුද්ධ ව එම නිළධාරීන්ට පහරදීමට කිසිවෙකුට අයිතියක් නැහැ. මරණ බියක් හෝ බරපතළ තුවාල ඇතිවීමේ බියක් දැනුනද එම නිළධාරීන්ට පහරදීමට කිසිවෙකුට අයිතියක් ලැබෙන්නේ නැහැ.

පුද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිතා කරමින් අපරාධකරුවෙකු මරාදැමිය හැකි අවස්ථා...

1. මරණීය පහරදීමක් සිදුවනවිට
2. බරපතල තුවාල සිදුවිය හැකි පහරදීමකදී
3. ස්ත්‍රී දූෂණයක් සඳහා තැත්කිරීමකදී
4. බලහත්කාරී ව අස්වාභාවික ලෙස කාමය සංසිඳවාගැනීමේ(සමලිංගික) ක්‍රියාවකදී
5. පැහැරගෙන යාමක් සිදුවනවිට
6. අයුතු ලෙස සිරකරගෙන සිටින අවස්ථාවකදී(නිදහස් කරගැනීමට රජයේ නිළධාරීන්ගේ සහය ලැබීමට ඉඩ නොමැති විට )
7. කොල්ලකෑමක් සිදුවනවිට
8. රාත්‍රියේ ගෙවල් බිඳීමක් සිදුවන විට
9. මනුෂ්‍ය වාසස්ථානයක් ගින්නෙන් හෝ පුපුරණ ද්‍රව්‍ය යොදා විනාශ කරනවිට

පුද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිතා කරමින් අපරාධකරුවෙකුට බරපතල තුවාල සිදුකළ හැකි අවස්ථා...

ඉහත අවස්ථාවලට නොවැටෙන සොරකම, අනර්ථය(අලාභහානි), සාපරාධී ඇතුළුවීම්, යන අවස්ථාවලදී අපරාධකරුවාට පහරදී ජීවිත සහ දේපල ආරක්ෂා කරගැනීමට සාමාන්‍ය පුරවැසියාට අයිතිය ඇත.

පුද්ගලික ආරක්ෂාවේ අයිතිය සඳහා වන සීමාවන්...

ඉහත සඳහන් කළ අවස්ථා සඳහා පමණක් …පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ලැබෙනවා. වරදක් සිදුවීමේ කාර්යයක් ඇතිබවට සාධාරණව කල්පනා කළ හැකි තත්වයක් ඇති වූ විට …පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ආරම්භ වෙනවා. ඒ කියන්නේ අපරාධකරුවා ක්‍රියාත්මක වීමට පෙර ම වුණත් …පුද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිතා කරලා අපරාධකරුට පහර දෙන්න පුළුවන්. නමුත් අපරාධකරුගෙන් වෙන තර්ජනය පහ වුණ විගසින් ම, එහෙමත් නැත්තම් අපරාධකරු අඩපණ වුණ සැනින් ම පහරදීම නතර කරන්නෝන. මොකද සමහරවෙලාවට හොරෙක් ව එහෙම අල්ලගත්තම මැරෙනතුරු හැමෝම එකතුවෙලා පහරදෙන වෙලාවල් තියෙනවානේ. ඒ දේවල් නම් අනුමත කරන්න බැහැ. ඒ බව බැරිවෙලාවත් ඔප්පු වුණොත් අනියම් මිනීමැරුම් සඳහා චෝදනා එල්ලවීමේ හැකියාව තියෙනවා.

පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ඉක්මවා ගියවිට...

අපරාධය වැළැක්වීමට අවශ්‍ය වන අවම ප්‍රමාණයට වඩා බලය පාවිච්චි කළ විටදී හෝ ඒ ගැන පොලීසියට දැන්වීමට උවමනා තරම් අවකාශ තිබියදීත් එසේ නොකර සැකකරුවෙකුට පහරදී හෝ මරාදමා ඇති විටකදී එසේ පහරදෙන්නා/දෙන්නන් අපරාධ වරදක් සිදුකරයි. එසේ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය අයුතු ලෙස භාවිතා කළ විටදී අනියම් මිනීමැරුම්/ බරපතල තුවාල සිදුකිරීම් වැනි චෝදනා වලට අධිකරණය මඟින් දඬුවම් නියම කිරීමෙ හැකියාව ඇත.

ප.ලි: සාමාන්‍ය නීතිය කියන විෂය මම ඉගෙනගන්න කැමතියි. ඒ ගැන ලියවිලා තියෙන පත්තර කෑල්ලක්වත් මම මම නොකියවා ඉන්නෙ නැහැ. කාමරේ මේසේ අස් කරද්දි දැක්කා අවු 6 ක් විතර පරණ පත්තර කෑල්ලක්. නීතීඥ අජිත් පෙරේරා මහත්තයත් එක්ක තිබුණ සාකච්ඡාවක් ගැන. මේ ඒ සංවාදය තමයි.
…එන්නට නොහැකි වුණත් සයිබරයේ සිහින අවුරුදු උළෙල සාර්ථක වේවා කියලයි මගේ පැතුම!

25 comments:

  1. අනේ සහෝ අකුරු ලොකු කරන්නකෝ..

    ReplyDelete
    Replies
    1. ආරක්ෂාවට මැරුවාට කමක් නැහැනේ. නියමායි :පි

      Delete
    2. අකුරු පේන්නේ නැද්ද...? ෂුවර් ද ? හැමෝම කියන්නේ අවුලක් නැහැ කියලා!

      Delete
    3. වර්ණා දැන් වයසට ගිහින් වගේ.... :)

      Delete
    4. වර්ණා දැන් හතලිස් ඇඳිරිය නේ?...

      Delete
  2. Replies
    1. බැට් එකෙන්... හැබැයි ඒවට නම් තාම නීතියක් නෑ මලේ!

      Delete
  3. ගොඩක් විස්තර දැනං හිටියෙ නෑ..තැන්කූ බෙදා ගත්තට..

    ප/ලි
    කාමරේ අස්කරද්දි අවුරුදු 6ක් පරණ...ඒ කියන්නෙ 2006 ඉඳන් කාමරේ අස්කරලා නෑ කියලද?
    හික්ස්..විහිළුවක් හොඳේ..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ... මේසේ අස් කරලා නෑ කියන එක විතරයි, කාමරේ සෝක් එකට තියෙනවා ඉතින්!

      Delete
  4. වැදගත් කතාවක් බොහොම වැදගත් දෙයක්

    ReplyDelete
  5. හපූ.....අපේ මව්තුමීටත් තදේටම හැඩිල ටියෙන පිස්සුවක්නෙ ඔය නීතිය ඉගෙන ගැනීම කීන එක....හැම ඉරිඩම මං බබී ඇහැලෙන්නට් කලින් පංති ගීන්....^_^

    ReplyDelete
    Replies
    1. අලේ.. නලක් වෙලා තියෙයි ඕක ඉගෙනගට්ට්ම... ගෑල්ලමයි ටිකක් උදේ පාන්දරම නැඟිටින්න පුරුදු උණා නම් ඔයා ඇහැරලා ඉද්දිම නේ අම්මා යන්නේ!

      Delete
    2. පිත්තුඩ හලේ....අම්ම නනව හයත කලින්...:/

      Delete
    3. අලේ.. අලේ... ඉලිදා වගේ දවසකත් අයත කලින් නැගිටින්න බැලි හැටි!

      Delete
    4. හයියූ මෙයා බණ කීනව....:/
      හතත කලින් නැගිතිනෝ කියන්නෙ මලනව වගේ වැදක් අප්ප....

      Delete
  6. එළැ එළැ.නීතිය ආරස්සා කොරන අය ඕක ගැන කියලා දෙන්න මහන්සි ගන්නෑනෙ.ඒ ඇත්තො කියන්නෙ අපි ඔක්කොම කොහොම හරි දැනං ඉන්න ඕනෙ කියලනෙ.ඉස්තූතියි මෙහෙම දෙයක් කරනවට.මමත් ආසයි ඔක්කොම මතක තියා ගන්න පුළුවන්නං.ඒත් කොච්චරක්නං තියෙනවද?

    ReplyDelete
    Replies
    1. අපොයි එච්චර අමාරු වෙන එකක් නෑ, සේරම අපි හැමදාම අහන දකින ඒවමනේ, අමුතුවෙන් මතක තියාගන්න කියලා මොනාත් නෑ මම හිතන්නේ!

      Delete
  7. ඔය තියෙන්නේ, දෙන්නම් රිදෙන්න.[කලිනුත් නිකම් හිටියෙම නෑ.]

    ReplyDelete
    Replies
    1. හා හා බලාගෙනයි, කලබල වෙන්නෙපා!

      Delete
  8. මේ ගැන කියලා දුන්නට ස්තූතියි ඉතිං..

    ReplyDelete
  9. ගොඩක් දෙනෙක් නොදන්නා ඒත් හැමෝම දැනගෙන සිටිය යුතු කරුණු රාශියක්... දැනුවත් කිරීම ගැන බොහෝම ස්තූතියි.. හැබැයි කැලෑ නිතිය තියන තැන් වලට ඕව valid ද දන්නෑ

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්තටම ප්‍රශ්නයක් තමයි!

      Delete
  10. බොහොම වැදගත් ලිපියක්...

    ReplyDelete
  11. හරිම වැදගත් ලිපියක්.ස්තූතියි මේ විස්තර බෙදා ගත්තට :)

    ReplyDelete
  12. ගොඩාක් වැදගත් ආත්මාරක්ෂාව ගැන නොදන්නා කරුණු ගොඩයි.හොරෙකුටවත් පහර දෙන්න පුළුවන් නීතියේ රාමුව ඇතුලත බව අද දැනගත්තා.

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !