අද කියන්න යන්නේ නම් ටිකක් විතර වෙනස් විදියේ කතාවක්. දුරකථනය නිර්මාණය කලේ ( 'සොයා ගත්තා' කියලා දැම්මා නම් කවුරු හරි අහන්න බැරි නෑ ඒක නැති වෙලා තිබුනද කියලා... හික් හික් ! ) ඇලෙක්සැන්ඩර් ග්රැහැම් බෙල් කියලා අපි ඉගෙන ගන්නේ පොඩි කාලේ නේ. ඒක වුනේ 1876 වගේ කාලෙක. ඒත් දුරකථනය සොයාගත් අළුතම ඒක හිතුව තරම් ජනප්‍රිය වුනේ නෑ. බෙල් තමන් ගේ දුරකථනය අරගෙන තැපෑලේ ප්‍රධාන ඉංජිනේරුවා ළඟට ගියා ම ඔහු කිව්වේ ඒක තමන්ට අනවශ්‍ය බවයි. ඔහුට ඇති තරම් පණිවිඩකාරයන් ඉන්නා බවත් කිව්වා. ම්ම්ම්ම්... හිතන්න පුළුවන්ද දුරකථනය ප්‍රතික්ෂේප වෙන්න හේතුව...? ඒකට හේතුව තමයි බෙල් ගේ දුරකථනයට අංක පුවරුවක් නොතිබුන එක. පහත රූපය බලන්නකෝ.
දුරකථනය හරහා කාටහරි ඇමතුමක් ගන්න ඕන නම් ඒ ගෙදර ඉඳලා අනිත් හැම ගෙදරකට ම වයර් අදින්න ඕන වුනා. ඒක මොනතරම් කරදර වැඩක් ද කියලා තේරෙනවනේ. ඉතින් කාලයක් ගියාට පස්සේ ඒකටත් විසඳුමක් හොයාගත්තා. ඒ තමයි දුරකථන හුවමාරු මධ්‍යස්ථානයක් (Telephone Exchange) එකක් හරහා දුරකථන ඇමතුම් ලබාගන්න එක. ඒකට ඉතින් Hello Girl නංගි කෙනෙක් එහෙමත් ඕන වුනා. දුරකථනය හරහා කාටහරි ඇමතුමක් ගන්න ඕන නම් ඒ ගෙදර ඉඳලා දුරකථන හුවමාරු මධ්‍යස්ථානයට ඇමතුවා ම ඒකේ ඉන්න Hello Girl, ඕන කෙනා ව සම්බන්ධ කරලා දෙන එක තමයි සිද්ධ වෙන්නේ.
මේ ඔක්කොම සිදු වෙන්නේ ඇ.එ.ජනපදයේ Kansas කියන නගරයේ. දැන් තමයි මේ කතාවේ හොඳ ම හරිය! මේ නගරයේ ඉන්නවා Almon Brown Strowger. එයා වෘත්තියෙන් මිනී පෙට්ටි සාප්පු කාරයෙක් (අද කාලේ නම් අවමංගල අධ්‍යක්ෂක කෙනෙක්! ). Strowger ට නියම වැඩක් වෙනවා මේ කාලයේ. බලාගෙන ඉද්දිම බිස්නස් බහිනවා. හිතාගන්න බෑ ඇයි කියලා. ටිකක් හෙමීට හොයලා බලද්දි මරු වැඩක් වෙනවා කියලා Strowger හොයාගත්තා. හිතන්න පුලුවන්ද කාටහරි...? නගරයේ කවුරුහරි කෙනෙක්, මිනී පෙට්ටි සාප්පු කාරයෙක් ව සම්බන්ධ කරලා දෙන්න කියලා Hello Girl ගෙන් ඉල්ලුවාම එයා හැම වෙලේම සම්බන්ධ කරන්නේ එකම එක්කෙනෙක් ව. හොයලා බලද්දි ඒ Hello Girl ගේ husband තමයි ඒ මිනීපෙට්ටි සාප්පුකාරයා. Strowger බැලුවා මේ වැඩේ හරියන්නේ නෑ, මොනා හරි කරන්නෝන කියලා. (අපේ අයියලා නම් කෙලින් ම පාතාලෙට contract එකක් දෙයි නේද Hello Girl ට වැඩක් දෙන්න කියලා...! ). ඒත් Strowger එහෙම කලේ නෑ. වෙන විදියක් හිතුවා කොහොමද මේ Hello Girl මෙතනින් අයින් කරන්නේ කියලා. ඒ හිතුව එකේ ප්‍රතිඵලයක් විදියට තමයි 1897 දි අද අපි භාවිතා කරන අංක පුවරුව සහිත දුරකථනය බිහිවෙන්නේ.
දුරකථන ග්රාහකයාට නියමිත අංකයක් ලැබීමත් එක්ක ම Hello Girl නංගි ගේ රස්සාවත් නැතිවෙලා ම යනවා. හැබැයි ඊටපස්සේ Strowger ගේ බිස්නස් නැගලා ගියාද කියලා නම් මම දන්නේ නෑ. එදායින් පටන් ගත්ත දුරකථනය අද අපි පාවිච්චි කරන නවීනතම ජංගම දුරකථනය දක්වා ම වැඩිදියුණු වෙලා.
අපි මේ දවස් වල කැම්පස් එකේ ඉගෙන ගන්නවා Networking & Telecommunications සබ්ජෙක්ට් එක. ඉගෙන ගන්නකොට නම් ආස හිතෙනවා, ඒත් ටිකක් අමාරුයි. ඒත් එපා වෙන්නේ නම් නෑ, අහගෙන ඉන්නවා....කොහොම උනත් කතාව ඔන්න පුළුවන් හැටියට කිව්වා. හොඳ ද නැද්ද කියලා නම් දන්නේ නෑ. ඒ ගැන කියන්න පුළුවන් ඔයාලටම තමයි....!
19 දෙනෙකුට හිතුණ දේවල්:
Post a Comment
කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !