අළුත් ම ඉන්ටනෙට් ප්‍රොටෝකෝලය IPv6....- 2





මේ ගැන මම දැම්ම මුල් ම සටහන කියවන්න බැරි වුනා නම් මෙතනින් ගිහින් කියවලා එන්නකෝ, මම හිතන්නේ ඒක ගොඩක් වැදගත් වේවි. එහෙම නතිවුනොත් සමහරවෙලාවට අගක් මුලක් තේරෙන්නේ නැතුව යාවි. මම කලින් කිව්වනේ ලෝකේ පුරා IP address බෙදන රාජකාරිය අයිති ICANN කියන සමාගමට කියලා. මේ සමාගමට අයත් IANA (International Assigned Numbers Authority) කියන සමාගම තමයි මුලු ලෝකයම කලාප වලට බෙදලා ඒ ඒ කලාප වලට IP address බෙදලා දෙන්නේ. මේ අවුරුද්දි මුල දි, ඒ කියන්නේ පෙබරවාරි 8 වෙනිදා IANA ආයතනයෙන් විශේෂ උත්සවයක් සංවිධානය කරලා තිබුණා. ඒ තමයි නිල වශයෙන් IPv4 ක්‍රමයට සමුදීමේ උත්සවය. එහිදී දැනට ඉතුරු වෙලා තිබුණ IPv4 ආකාරයේ IP address ,එක්කෝටි හැට ලක්ෂයක් විතර අදාළ කලාප වලට බෙදලා දුන්නා. එයාලා අපේක්ෂා කරන්නේ මේ සැප්තැම්බර් වෙන විට IPv4 ආකාරයේ IP address අවසාන වේවි කියලා.



…හැබැයි මේ දේ මේ විදියට වෙන එක ලොකු ගැටළුවක්, ඇයි දන්නවද? IPv6 ආවා කියලා එක සැරේ ම IPv4 නැතිවෙලා යන්නේ නෑනේ. එතකොට අන්තර්ජාලය පුරා මේ අංක 12ක් හා 16ක් සහිත ප්‍රොටෝකෝල දෙක ම භාවිතා වෙනවා. එහෙම වුනාම මේ ප්‍රොටෝකෝල දෙක අතර දත්ත හුවමාරුවට වෙනම ප්‍රවේශ ක්‍රම(gataways) හදන්නෝන. ඒ වගේ ම ඒවට හරියන විදියට දෘඩාංග, මෘදුකාංග හදලා සර්වර් වලට දාන්නෝන. එතනින් නවතින්නෙත් නෑ. අපි දැනට භාවිතා කරන OS, Web browsers, Search engines එහෙමත් මේ ප්‍රොටෝකෝල දෙකට ම හරියන විදියට හදන්නෝන. ම්ම්ම්ම්...ඔයාලාට බය හිතෙන්නේ එහෙම නෑ නේද! එහෙනම් කමක් නෑ. මේ ගැටළුව ඇතිවෙන බව කලින් හඳුනාගත්ත සමාගම් තමන්ගේ දෘඩාංග, මෘදුකාංග මේ ක්‍රම දෙකටම අදාල වෙන ආකාරයට යාවත්කාලීන කරලා ඉවරයි. දැන් අපි භාවිතා කරන මේ දෘඩාංග, මෘදුකාංග වුනත් ක්‍රම දෙකටම ගැලපෙනhttp://www.blogger.com/img/blank.gifවා. පසුගිය ලෝක IPv6 දිනයේ දී ලෝකයේ ප්‍රකට සමාගම් වෙන Microsoft, Yahoo, Google, Cisco, Facebook එකට එකතු වෙලා මේ ගැන පෙරහුරුවක් කලා!


…මෙතැනදි අපිට(End Users) මේ වගේ තාක්ෂණික යාවත්කාලීනයන් සිද්ධ වුනා කියලා දැනෙන වෙනසක් අපේ පද්ධති වලට වෙන්නේ නෑ. අපිට තියෙන්නේ පුරුදු පරිදි ම දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න එකයි...! මේ IPv6 යටතේ ආරම්භ වෙන අළුත් වෙබ් අඩවි ගොඩාක් වෙලාවට හොයාගන්න ලේසියි. ඒ අඩවි වල වෙබ් ලිපින(url) සාපේක්ෂ වශයෙන් ටිකක් දිගයි. කොහොම වුනත් අපිට අපේ දෘඩාංග, මෘදුකාංග IPv6 එක්ක ගැලපෙනවද කියලා බලාගන්න ඕනෙම නම් www.test-ipv6.com එකට ගිහින් බලාගන්න පුළුවන්. අපි අළුතින් මොනාහරි දෘඩාංග, මෘදුකාංග මිලදී ගන්නවා නම් ඒවත් මේකට ගැලපෙනවද කියලා හොයලා බැලුවට වැරැද්දක් නෑ!.

…උඩ ඡායාරූපයේ ඉන්න පුද්ගලයා ගැන විශේෂයෙන් කියන්නෝන. සමහරු නම් දන්නවත් ඇති වින්ට් සර්ෆ් කිව්වම. අද Google සමාගමේ ප්‍රධාන උපදේශකයා විදියට වැඩ කරන ඔහු කීර්තිමත් පරිගණක විද්‍යාඥයෙක්. ඔහු ව අන්තර්ජාලයේ පියා විදියට හඳුන්වන්නේ 1977 දි මේ IP address ක්‍රමය ඔහු විසින් හඳුන්වා දුන් නිසයි.

…ඔන්න ඉන්ටනෙට් ප්‍රොටෝකෝල් ගැන ලියලා නම් ඉවරයි. කොහොම වුනත් මේ ලිපි වලට ඒතරම් හොඳ ප්‍රතිචාර නම් තිබුණේ නෑ. එහෙම වුනත් ලිව්වේ කවුරුහරි කියවලා දැනුමක් ලබාගනී කියලා හිතලා සහ ආත්ම තෘප්තිය වෙනුවෙනුයි. IPv6 ගැන ලියන්න භූපති ජයසුන්දර සොයුරා ගෙන් ලැබුන උදව්වත් මතක් කරන්නෝන. ආයෙත් මොනවා හරි අරන් ඉක්මනටම එන්නම්.... එතෙක් :)

5 comments:

  1. මටත් තියෙන ප්‍රශ්නේ තමයි එකපාරම මෙහෙම ප්‍රොටෝකෝල් මාරු කලාම පරන වර්ශන් එක පාවිච්චි කරන අයට මොකෑ වෙන්නේ කියලා. ඒකට කරන්න තියෙන්නේ කට්ටියම සම්මුතියකට වගේ එහෙකට ඇවිත් අළුත් ප්‍රොටෝකෝල් එකට යොමු වෙන එක !!!!!

    ගොඩක් වටින ලිපි දෙකක් !!!!

    ReplyDelete
  2. :f සුබ උපන් දිනයක් ලහිරු මල්ලියෝ............ :t

    ReplyDelete
  3. IP ලිපිනයන් අන්තර්ජාලයට නිකුත් කරන්නේ ICANN නොව ARIN , APNIC , AFRINIC , LACNIC and RIPE යන ලාභ නොලබන ආයතන විසිනි.

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !